- Monday, 28 January 2019 from 16:00-17:30
- University of Sri JayewardenepuraGangodawila, Nugegoda, 10250
- Hosted by Young Biologists’ Association
නැවතත් සොබා දහමට …..
Modern lifestyle is unhealthy for nature and people. Though civilization has rapidly evolved, our bodies have not kept pace. This mismatch affects every areas of our lives. Hence this program aims at promoting of our lifestyle more like our ancestors (Paleolithic or pre-agricultural type of lifestyle as far as possible) among young generation.
Four areas to be considered
1. කමු Eat
2. යමු Move
3. ඉමු Rest
4. සුරකිමු Conserve Nature
අපේ ජාන සහ වර්තමාන ජීවන රටාව අතර නො නොගැලපීමක් තිබෙනවා
ප්‍රයිමේට්ස් ගෝත්‍රයේ සතෙකු ලෙස පරිණාමය වූ මානව දේහය පේලියෝලිතික යුගයේ දඩයක්කාර ආහාර රැස් කරන යුගයෙන් පසුව පරිණාමය වීමක් සිදු වුනේ නෑ. නමුත් මිනිසා සංස්කෘතිකමය ලෙස පරිණාමය වෙමින් කෘෂිකාර්මික විප්ලවය, කාර්මික විප්ලවය යන යුග පසු කරමින් වර්තමානයේ තොරතුරු තාක්ෂණය යුගය දක්වා පැමිණ තිබෙනවා.
පුටු වල බොහෝ වේලාවක් ඉඳගෙන වැඩ කිරීමට වත් short eats, පැණි බීම වගේ ස්වභාවික නොවන අපට නොගැලපෙන බටහිර පන්නයේ ආහාර ගනිමින් ජීවත්වීමටවත් අපේ දේහ හැඩ ගැසිලා නැහැ. මේ නිසා පිළිකා, අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග වැනි රෝග ගණනාවක් ඇතිවෙලා තිබෙනවා.
අනිත් පැත්තෙන් මානව සමාජයේ සිදුවූ අතිධාවනකාරී දියුණුව අපේ පරිසරය, ස්වාභාවික සම්පත් සහ වන සතුන්ද විනාශ කොට තිබෙනවා.
තරුණ ජීවවේදින්ගේ සංගමය මගින් නැවත ස්වභාදහමට වැඩ සටහන හදුන්වාදෙන්නේ රෝගී බවට පත් වී ඇති අපත් අපේ පරිසරයක් නැවත සුවපත් කිරීම සඳහා ය.
මේ මගින් සෞඛ්‍ය සම්පන්න සහ සතුටු සම්පන්න මානවයෙකු බිහි කිරීම මෙන් ම තිරසාර පරිසරයක් ඇති කිරීම ද බලාපොරොත්තු වෙනවා.
මෙයට ප්‍රධාන ක්ෂේත්‍ර පහක් ඇතුළත් වෙනවා.
1. කමු
2. යමු
3. ඉමු
4. සුරකිමු
5. හැඩ ගැසෙමු.
මෙයින් කමු යමු සහ ඉමු යටතේ ප්‍රීතිමත් සෞඛ්‍ය සම්පන්න මානවයෙකු බිහිකරන අතර සුරකිමු සහ හැඩ ගැසෙමු යටතේ අප පරිසරය සුරැකීමත්, වෙනස් වූ පරිසර තත්ත්ව වලට ඔරොත්තු දෙන ලෙස ජීවත් වීමත් අදහස් කෙරෙනවා.
කමු යටතේ සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. සත්‍ය වශයෙන් අවශ්‍ය වන්නේ ආහාර මෙන් පෙනෙන ව්‍යාජ ආහාර වන පිට්සා බිස්කට් වැනි දේ අනුභව කිරීම වෙනුවට එළවළු පලතුරු වැනි සැබෑ ස්වභාවික ආහාර අනුභව කිරීමයි. අපේ ශරීරය නිර්මාණය වී තිබෙන්නේ අප කන බොන ආහාර මත යි. වැරදි බටහිර ආහාර පුරුදු නිසා දියවැඩියාව අධික රුධිර පීඩනය හෘදයාබාධ පිළිකා වැනි රෝග රැසක් පැතිර ගොස් තිබෙනවා.
යමු යන්නෙන් අදහස් කරන්නේ දිනපතා අප සිදුකරන චලන ප්‍රමාණය වැඩි කර ගැනීමයි. බොහෝ වේලාවක් ඉදගෙන සිටීමෙන් මානවයා ලෙඩ වී ඇති අතර එයට විසඳුම වන්නේ ඒකාකාරීව සිදුකරන සිදු කරන එකම ආකාරයක ව්‍යායාම සමූහයක් නොව අපේ ස්වභාවික චලන ප්‍රමාණය හැකිතාත් වැඩි කර ගැනීමයි. උදාහරණයක් ලෙස පුටුවක ඉඳ ගැනීම වෙනුවට බිම ඉඳ ගන්නා ආකාර කොපමණ අත්හදා බලන්න පුළුවන්ද? මිනිසාගේ ද්විපාද සංචරණයට ගැලපෙන චලන වන්නේ ඇවිදීම, කඳු නැගීම, දිවීම වැනි අපේ පැරන්නන් සිදුකළ චලනයි.
ඉමු යන්නෙන් අදහස් කරන්නේ වත්මන් අතිධාවනකාරී වූ වේගවත් සමාජ රටාවෙන් මිදී නිසි විවේකයක් සහ නින්දක් ලබා ගැනීමයි. සිත එක් තැන් කර ගැනීම සහ කලබලකාරී නොවන සන්සුන් සරල දිවි පෙවෙතක් ගත කිරීම මෙයට අයිති වෙනවා. බෞද්ධ සංකල්ප අනුව සතියෙහි පිහිටා ජීවත් වීමත් මෙයට අයත් වෙනවා .
ඊළඟ සංකල්ප දෙකෙන් අප බලාපොරොත්තු වන්නේ හානියට පත් වූ අප පරිසරය සුවපත් කිරීමයි.
සුරකිමු යන්නෙන් ජෛව විවිධත්වය සහ පරිසර සංරක්ෂණය අදහස් කෙරෙනවා.
හැඩ ගැසෙමු යන්නෙන් මිහිතලය උණුසුම් වීම වැනි පාරිසරික ගැටලු නිසා ඇති වී තිබෙන බලපෑම වලට හැඩගැසීම අදහස් වෙනවා.
සොබාදහමින් නගරයට පැමිණ විද්‍යාව සහ තාක්ෂණය නිසා ලබාගත් ලබාගත් නවීන මෙවලම් භාවිතා කරමින් වුවත් සතුටකින් තොරව ජීවත්වන ඔබට මෙම වැඩපිළිවෙළ යටතේ නැවතත් ස්වභාදහමට ළංවී නිරාමිස සතුටක් ඇති කර ගැනීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා.
Prof Hiran Amarasekera
Professor in Forestry and Environmental Science