කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය ඊයේ දිනයේ AAT ආයතනය අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව පැවැත්වූ සමස්ථ ලංකා ජාතික පාසල් අතර හොදම වාර්ෂික වාර්තාව තේරීමේ තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී. දිවයිනේ සියලුම ජාතික පාසල් අභිබවා කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය මෙවර ජයග්රහකත්වය ලැබිය. උත්සවය ඊයේ BMICH ප්‍රධාන ශාලාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඇතුළු ප්රභූවරු ගණනාවකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.