News courtesy of ThePapare
Cricketers of Karaneniya Maha Vidyalaya won 5 awards in recently conclded ‘Dialog 4G – The Sunday Times Schoolboy Cricketer 2019’ awards. This is the highest of an emerging team.
Below are the top players who were awarded in ’emerging category’ and their comments.
Best player and Best all-rounder – Samith Isuru
“මේ ලැබුණු සම්මානය මගේ ක්‍රිකට් ජීවිතයට වගේම අපේ විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාවට විශාල ආශීර්වාදයක්. අපි ගමක් විදිහට හුදකලා වෙලා හිටියේ. මේ ඇගයීමත් සමඟින් රටේම අය අපි ගැන කතා කරනවා. ඒ ගැන අපි නිහතමානීව සතුටු වෙනවා. අපි ගොඩක් මහන්සි වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵල අපිට ලැබුණා. ඇත්තටම සතුටුයි. මම හිතනවා මේක පාසල් ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තාවක් වෙන්න ඇති කියලා. අපේ ජයග්‍රහණ පිටුපස සිටි සුවිශේෂී චරිත අතුරින් අජන්ත කුමාර සර් සහ චමුක මිලාන් සර් ඉදිරියෙන්ම සිටිනවා. ඔවුන් දෙදෙනා තමයි අපි ව මේ තත්ත්වයට ගෙනාවේ. අපි වගේ පාසල්වල ක්‍රීඩකයන්ට Dialog 4G පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල විශාල ආශිර්වාදයක්. ඔවුන්වත් මේ අවස්ථාවේ අපි සිහිපත් කරනවා.”
Best Wicket Keeper – Janeth Kaushal
“මම ක්‍රිකට් පුහුණුවීම් කළ මුල්ම කාලෙ දි පුහුණු වුනේ කඩුලු රකින්නෙක් ලෙසින්. ඒත් තිබුණ අත් ආවරණ ලොකු නිසා සර් මාව වේගපන්දු යවන්නෙක් ලෙසින් පුහුණු කළා. පස්සේ කාලෙදි මම පිතිකරුවෙක් ලෙසින් ඉදිරියට ආපු නිසා සර් නැවත මට කඩුලු රකින්නෙක් ලෙසින් පුහුණු වෙන්න කිව්වා. ඒත් ඒ වෙද්දී මගේ ඒකට එච්චර කැමැත්තක් තිබුණෙ නැහැ. මට හිතුණෙ මම පන්දු යවන්නෙක් ලෙසින් ස්ථාවර වෙලා කියන එකයි. ඒත් සර්ගේ ඉල්ලීම ඉවත දාන්න බැරි නිසා මම ඒ වැඩේ බාර ගත්තා. සර් ගත්ත ඒ තීරණය නිසා අද මම Dialog 4G පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ ඇගයීමට ලක් වුනා. ඇත්තටම මේ සම්මානයේ නියම හිමිකරු වෙන්නේ අජන්ත සර්. ඔහුට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට මගේ දක්ෂතා දියුණු කර ගන්න උදව් කරන දිනේෂ් කුමාර සර් සහ චමුක මිලාන් සර් දක්වන සහයෝගයත් විශාල ශක්තියක්.”
Best Bowler – Ravindu Milan
“ඩයලොග් ආයතනය සහ පාසල් ක්‍රිකට් සංගමය මගින් මගේ දක්ෂතා ඇගයීම ගැන තිබෙන්නේ පුදුම සතුටක්. මේක මගේ ක්‍රිකට් දිවියට විශාල ශක්තියක්. මට ක්‍රිකට් පිටියේ මේ තරම් දුර එන්න පුළුවන් කියල කවදාවත් හිතුවේ නැහැ. මගේ පිටුපස්සේ සිටි දිනේෂ් සර්, ප්‍රියන්ත සර්, අජන්ත සර් සහ චමුක සර් තමයි මාව මේ තත්ත්වයට පත් කළේ. මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා මාව මේ තත්වයට ගෙනාවට.”
Best Wicket-Keeper (Runners-up) – Ishara Maduwantha
“මේ දක්ෂතාවලට එන්න මාව දිරිමත් කළේ අජන්ත සර් සහ චමුක සර්. ඒ දෙදෙනාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තුන්වැනි වරටත් මට සම්මාන දිනා ගන්න හැකි වීම ගැන ඇත්තේ පුදුම තරමේ සතුටක්. Dialog 4G පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ ඇගයීමට ලක්වීම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සිහිනයක්. ඉතිං ඒ සිහිනය උදාකර ගන්න උදව් කළ හැමෝට ම පිං.”
Congratulations to all the winners!