ගාල්ල, විද්‍යාලෝක විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන නවක තරුණ දක්ෂ ගායකයෙක්, තම පාසැල් ජීවිතය තුලදීම, පාසැල් අසිරිය පිලිබඳ ගීතයක් ගායනා කරණු ලැබුවා. KlassHub Exclusive තුලින් අපි ඔබට ගෙන එන්නේ කවිඳු ජනසංක ගායන ශිල්පියා පිළිබඳවයි.
මෙම පාසැල පිලිබඳ කියවන්න: – විද්‍යාලෝක විද්‍යාලය, ගාල්ල |
ඔබේ නම මොකක් ද?
කවිඳු ජනසංඛ කුමාරසිංහ
ඔබේ උපන්දිනය කවදා ද?
2002 දෙසැම්බර් 17
ඔබේ වයස කීයද?
අවුරුදු 16 යි
ඔබ ඉපදුණේ කොහෙදී ද?
මම ඉපදුනේ කොළඹ
ඔබ දැනට ඉන්නේ කොහේද?
දැනට ඉන්නේ ගාල්ල, හබරාදූව ප්‍රදේශයේ
ඔබේ පවුලේ විස්තර මොනවාද?
මගේ පවුලේ සාමාජිකයන් 4 දෙනයි… තාත්තයි, අම්මයි, අයියයි, මමයි
ඔබ ගිය පාසල/ල් මොනවාද?
මම ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ඉගෙනුම ලබනවා
ඔබ ඉන්න පංතිය මොකක්ද?
මම 12 ශ්‍රේණියේ ඉන්නේ
ඔබේ පාසල් ජීවිතය ගැන මොනාද හිතෙන්නේ?)
මගේ ජීවිතේ සුන්දරම කාලේ පාසල් කාලේ. මම විෂයට අමතර ගොඩාක් දැනුම පාසලෙන් ලබා ගන්නවා. පාසල් ජිවිතය මගේ අනාගතේට පාර හරියටම පෙන්වනවා
ඔබේ විශේෂ පාසල් මතකයන් මොනවාද?
කියන්න එකක් කියලා නෑ.. මගේ පාසල් ජීවිතේ ගොඩාක් මතක තියෙනවා..
පාසලේ කල අමතර ක්‍රියාකාරකම් මොනවාද?
මලල ක්‍රීඩා, බාලදක්ෂ, සා. ජෝන් ප්‍රථමාධාර, නාට්‍ය හා රංග කලාව… පාසල් මට්ටමෙන් එහාට ඔය වගේ තව ඒවා තියෙනවා…
ඔබට අමතක නොවන ගුරුවරුන් කවුද?
බටහිර සංගීත ආචාරිණී චසුනි ද කොස්තා මිය… නාට්‍ය හා රංගකලාව ආචාරිණී පුෂ්පරත්න මිය, බටහිර නර්තන ආචාරිණී කුමාරි මිය, පාසලෙන් පිට… ගුරුවරුන්, රූපවාහිනී පිබඳ ඉගැන්වූ හේමනලින් කරුණාරත්න මයා සහ ඉංග්‍රීසි විෂය ඉගැන්වූ රසික හේමාල් මයා
ඔබේ හොඳම යහළුවා/න් කවුද?
මට හොඳම යාළුන් කියලා අය නෑ… මට ඉන්නේ සහොදරයන්.. නම් වශයෙන් කියන්න බැරිතරම්
ඔබේ හැකියාවන්ට ලැබූ ප්‍රතිචාර මොනවාද?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා… තව ගොඩක් නිර්මාණ ඒ අය මගෙන් ඉල්ලනවා… මගේ වගකීම ඒ ඉල්ලිම් ඉටුකරන එක
ඔබ සංගීතඥයෙක් වීමට යොමු උනේ කොහොමද?
මම පාසලේ, පංතියේ ගීත ගායනය කරනවා අහන්න ගොඩක් අය කැමති වුණා. රූපවාහිනී රියැලිටි වැඩසටහන් දැකීම හා මම සංගීතයට තිබෙන ආශාව නිසා මට හිතුණ සංගීතඥයෙක් වෙලා ඒ හැකියාව දියුණු කරගන්න
ඔබේ ප්‍රියතම සංගීතඥයා කවුද?)
එක්කෙනෙක් කියලා නෑ. තීක්ෂණ අනුරාධ, ප්‍රදීප් රංගන, B&S, රොමේෂ් සුගතපාල වගේ ප්‍රවීණයන්ට කැමතී
ඔබ ලද / දැනට කරනු ලබන අමතර විගේෂ අධ්‍යාපන සුදුසුකම් මොනවාද?
රෑපවාහිනී සම්බන්ද පාඨමාලාවක් කරලා තියෙනවා. සංස්කරණය, අධ්‍යක්ෂණය, කැමරාකරණය සහ වැඩසටහන් මෙහෙයවීම සම්බන්ධව එහිදී හැදෑරුවා. ඒවගේම තව ඉදිරියේදී විශේෂ අධ්‍යාපනයට යොමු වීමට කැමැත්තක් තියෙනවා
ඔයාගේ සාමාන්‍ය දවස ගෙවෙන්නේ කොහොමද?
ගොඩක් වෙලාවට මන් දවස ගෙවන්නේ සංගීත කටයුත් එක්ක හෝ වීඩියෝ සංස්කරණය හෝ ඡායාරූප සංස්කරණය කරමින්
සංගීතඥයෙකු වීම පිලිබඳ ඔබ වඩාත් කැමතිම දේ මොකක්ද?
සාමාජයට හොඳ දෙයක් මගේ සෑම නිර්මාණයකින්ම දෙන්න මන් වඩාත්ම කැමතී. සංගීතඥයෙක් වීම ඒකට රුකුලක් වෙයි කියලා හිතනවා
ඔබ මේ තාක් කර ඇති නිර්මාණ මොනවාද?
මම දැනට ගීත දෙකක් ජනතාවට තිළිණ කරලා තියෙනවා. ඒ වගේම නිර්මාණ කිහිපක් බිහිවෙමින් හා බිහිවෙන්න තියෙනවා
ඔබ එළිදැක්වීමට නියමිත නිර්මාණ මොනවාද?
තව ගීත කිහිපයක් තමයි දැනට තියෙන්නේ
අනාගත බලාපොරොත්තුව මොකක්ද?
ලංකාවට බරක් නැති කලාකරුවෙක් වීම වගේම මගේ පෞද්ගලික ජීවිතයේ ව්‍යපාරිකයකු වීම තමයි මගේ අනාගත බලාපොරොත්තු
ඔයා පැමිණි ගමනට උදව් කල අය කවුද?
මගේ පියා… විශේෂයෙන් මතක් කරන්න ඕනා. මගේ පියා නැත්නම් කාලාව තුල කවිඳු ජනසංඛ කියන පුද්ගලයෙක් නෑ. ඒවගේම මට සංගීතය කියලා දෙන මගේ ගුරුවරු සියළුදෙනාම (සමන් සර්, කොස්තා මිස්) වගේම මගේ ප්‍රේක්ෂක ජනතාව
ඔබ මතක් කල යුතු වෙනත් විශේෂ අය කවුද?
ගායන ශිල්පී තීකෂණ අනුරාධ අයියා… අනිවාරෙන්ම මතක් කරන්න ඕන. ඒවගේම, එළ අයිඩියා අධ්‍යක්ෂක තුමා ප්‍රසාද් කළුපහන අයියාවත් ආදරෙන් මතක් කරනාවා… මගේ දෙවෙනි ගීතය සාර්ථකව කරගන්න අත දුන්නට. ඒ වගේම අමේෂ් විජේනායක මතක් කරන්න ඕන. කාණ්ඩායම් සංගීතය කියන මාවතට මාව රැගෙන ගියේ ඔහුයි
ගායක කවිඳු ජනසංක කුමාරසිංහ හට අපේ සුබ පැතුම්!
Facebook පිටුව: https://www.facebook.com/kavindu.janasanka
YouTube චැනලය: https://www.youtube.com/channel/UCZq3_Odvsf2xNGnclPqBbhA