කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේදී තහවුරු වූ දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියගේ පාසලේ ඉගෙනුම ලබන සියලුම සිසු සිසුවියන්ට තමන්ගේ නිවෙස් තුලටම වී සිටින ලෙස ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබෙනවා.
මෙම සිසුවිය අධ්‍යාපනය ලැබු එම පාසැලේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුන්ගේ සහ උගන්වනු ලැබූ ගුරු භවතුන්ගේ පි සි ආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ
එලෙස පි සි ආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිත අයගේ ලැයිස්තුව පාසලේ විදුහල්පතිවරයා විසින් අද දිනයේදී ලබාදීමට නියමිත බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ
කොරෝනා ආසාදිත මෙම සිසුවිය අධ්‍යාපනය ලබන පාසලේ ළමුන් 1,500කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන බව ද සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරනවා