කැකිරාව මධ්‍ය විද්‍යාලයීය දූ දරුවන්ගේ ගුණාත්මක අධ්‍යාපන අභිවෘද්ධිය උදෙසා අභිනවයෙන් ඉදිකළ “පී.බී අබේකෝන්” නව ශ්‍රවණාගාරය සිසු අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (09) පෙරවරුවේ සිදු විය.
රුපියල් ලක්ෂ 450ක වියදමින් සියලු පහසුකම්වලින් සමන්විතව මෙම ශ්‍රවණාගාරය ඉදිකර තිබෙන අතර හිටපු ජනාධිපති ලේකම්වරයෙකු සහ කීර්තිධර රාජ්‍ය නිලධාරියෙකු වූ කැකිරාව මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය පී.බී. අබේකෝන් මහතා නමින් එය නම් කර තිබේ.
විදුහල්පති අයි.එම්. දයාරත්න බණ්ඩාර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.