2020 නව වර්ෂයට මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ 1 ශ්‍රේණියට බඳවා ගත් සද නද රාජ පුතුන්ට මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද විදුහල්පති ආචාර්ය ගොඩගම මංගල ස්වාමීන් වහන්සේ විසින් අකුරු කිය වූ අතර, දරුවන් ට ශාන්තිය පතා සරස්වතී පූජාවක් ද පැවැත්විණි. එමෙන් ම පාසලේ සෞන්දර්ය අංශය මගින් නර්තන අංග රැසකින් හා මියුරු සංගීතමය අංග රාශියක් ද ඉදිරිපත් කරමින් නව දරුවන් පිළිගන්නා ලදී.