නාවලපිටිය දිසා බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කල ආගමික වැඩසටහන 2019
නාවලපිටිය බාලදක්ෂ දිසා සංගමය විසින් 3 වන වරටත් සංවිධානය කරනු ලැබූ ආගමික වැඩසටහන මෙවර නාවලපිටිය දිසාවේ සිංහල හා දමිල පාසල් සම්බන්ධ කරගනිමින් 2019 ඔක්තෝබර් මස 18 හා 19 වන දිනයන් හීදී කිරිවෙහෙර චෛත්‍ය වහන්සේ හා කතරගම දේවාලය යන ආගමික ස්ථාන මූලික කරගනිමින් සිදුකරන ලදී…
ඒ සඳහා දිසා බාලදක්ෂ කොමසාරිස් පී.ඩී.අරුණ උපුල්ශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නියෝජනය කරමින් මූලස්ථාන පුහුණු සම්බන්ධීකාරක පී.සංජය පෙරේරා මහතා, දිසාවේ සහය කොමසාරිස් මහත්ම මහත්මීන් සහභාගි වූ අතර පහත සදහන් පාසල් හී බාලදක්ෂයින් , කාන්තා බාලදක්ෂයින් , බාලදක්ෂ නායකයින් සහ දෙමව්පියන් 500කට අධික පිරිසක් සහභාගී වෙමින් වැඩසටහන ඉතා සාර්ථකව නිමා විය.
මෙම ආගමික වැඩසටහන මුල් අදියරය ලෙස 19 වන දින කිරිවෙහෙර චෛත්‍ය වහන්සේ උදෙසා ඖෂධ පූජාව, කප්රුක් පූජා, මහසෙන් පූජාව හා ධර්ම දේශනාව සිදු කරන ලදී.
හින්දු ආගමික වැඩසටහන කතරගම දේවාලය අභියස පලතුරු පූජාව, මුරුතැන් බත් පූජාව හා කාවඩි නැටුම් සිදු කරන ලදී. මෙයට අමතරව අවට ඇති ආගමික සිද්ධස්ථාන වැදපුදා ගනිමින් ඉතා සාර්ථකව වැඩසටහන නිමා කරන ලදි