ඔබේ නම මොකක් ද?
සහන් සත්සර වේගිරිය
ඔබේ උපන්දිනය කවදා ද?
04/05/2001
ඔබේ වයස කීයද?
18 යි
ඔබ ඉපදුණේ කොහෙදී ද?
මහනුවර පේරාදෙණිය ශික්ෂණ රෝහල
ඔබ දැනට ඉන්නේ කොහේද?
මහනුවර, ගෙළිඔය
ඔබේ පවුලේ විස්තර මොනවාද?
මව වෘත්තියෙන් අධ්‍යාපන සේවයේ කොටගලොලුව ජිනරතන විදුහලේ සේවයේ කරනු ලබනවා ඇගේ නම දීපානි ජයන්ති කුමාරි පියා වසන්ත කුමාර.ඔහු ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ විනය විභාග නිලධාරීවරයෙක්. මට වැඩිමහල් සොහොයුරියක් ඉන්නවා ඇය මෙවර උසස් පෙළ විභාගය පෙනී සිටියා ජීව විද්‍යා අංශයෙන්.ඇගේ නම ප්‍රභාෂි සත්සරා වේගිරිය.ඇගේ පාසල මහනුවර පුෂ්පදාන බාලිකා විදුහල.
ඔබ ගිය පාසල/ල් මොනවාද?
මම මූලික අධ්‍යාපනය ලැබුවේ මප/දෙන/දස්කර ඩී.බී. විජේතුංග ජාතික පාසලෙන් ඉන් පසුව පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්ව මහනුවර ශ්‍රී සුමංගල විදුහලටත් පසුව සා/පෙළ විභාගය සමත්ව උසස් පෙළ විභාගය සඳහා මහනුවර ධර්මරාජ විදුහලටත් ඇතුළු වුණා
ඔබ ඉන්න පංතිය මොකක්ද?)
13 වන ශ්‍රේණිය
ඔබේ පාසල් ජීවිතය ගැන මොනාද හිතෙන්නේ?
මගේ පාසල් ජීවිතයේ සුන්දරම කාලය මා මහනුවර ශ්‍රී සුමංගල විදුහලේ ගත කළ අවධිය සුමංගල විදුහල නොතිබෙන්නේ මට මාධ්‍යට පිවිසීමට නොහැකි වනු ඇත.
ඔබේ විශේෂ පාසල් මතකයන් මොනවාද?
මගේ පාසල් ජීවිතයේ තිබෙන හැම මතකයක්ම විශේෂයි.ඒ අතර 2016 වසරේදී මා සුමංගල මාධ්‍ය කවයේ ලේකම් ධූරය හොබවන කළ අප විසින් සංවිධාන කළ මධ්‍යම පළාතේ දැවැන්ත විවාද තරගාවලියත් සමස්තලංකා මාධ්‍ය දින තරගාවලියත් තීර්ථ මාධ්‍ය දින උළෙලත් විශේෂ මතකයක්. ධර්මරාජ විදුහලේ ඉගෙනුම ලබන අතර තුර තමා මට ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ගුවන් විදුලි ළමා හඬ රංගන ශිල්පියාට හිමි සම්මානය ලැබුණේ.එයත් අමරණීය මතකයක්.
පාසලේ කල අමතර ක්‍රියාකාරකම් මොනවාද?
විවාද පවුලේ නායකත්වයත් /මාධ්‍ය අංශයේ හා විවාද සංගමයේ ලේකම් ධූරයත් /සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසත් / ක්‍රීඩාවක් ලෙස කලක් මල්ලවපොර ක්‍රීඩකයෙකු ලෙසත් / ශිෂ්‍යනායකයෙකු ලෙසත් / ඡායාරූප සංගමයේ සාමජිකයෙකු ලෙසත් / තොරතුරු තාක්ෂණ සංගමයේ හා ඉංග්‍රීසී භාෂා හා ජාත්‍යන්තර සන්නිවේදන සංගමයේ සාමාජිකයෙකු ලෙසත් මා සුමංගල විදුහලේදී කටයුතු කළා.ඒ කිහිපයක් පමණයි. ධර්මරාජ විදුහලේ කලා සංගමයේද මා කටයුතු කරනු ලබනවා
ඔබට අමතක නොවන ගුරුවරුන් කවුද?
සුමංගල විදුහලේ පූජ්‍ය මාතලේ විපස්සි හිමි/ හිටපු විදුහල්පති අබේසේකර ගුරු පියාණන්/වත්මන් විදුහල්පති දිසානායක ගුරු පියාණන් / විශ්‍රාමික ආචාර්ය ඩබ්.එච්. දයාරත්න ගුරු පියාණන්/වත්මන් නියෝජ්‍ය විදුහල්පතිනි නිරූපා දිසානායක ගුරු මෑණියන් /ශ්‍යාමා කුමාරි අබේරත්න ගුරු මෑණියන්/නියෝජ්‍ය විදිහල්පති (ක්‍රීඩා)අනුර දිසානායක ගුරු පියාණන් / ඉනෝකා වීරකෝන් ගුරු මෑණියන් ඇතුළු සුමගුල් ආචාර්ය මණ්ඩලයම මට විශේෂයි. ධර්මරාජ විදුහලේ ගරු විදුහල්පති ධම්පිය වනසිංහ ගුරු පියාණන් / පවිත්‍රා දෙල්ගොඩ ගුරු මෑණියන් / අජිත් පෙරේරා ගුරු පියාණන් ද මගේ ජීවිතයේ හමු වුණ සුවිශේෂී ගුරුවරුන් අතර වනවා.
ඔබේ හොඳම යහළුවා/න් කවුද?
මට ගොඩක් මිතුර මිතුරියෝ ඉන්නවා සහ සිටියා.ඒ අතර අමයුරු සංකල්ප/රවිඳු දසුන් පෙරමුණ/හංසන සනෝජ්/හරිත් සෙනුර/දහම් බණ්ඩාර/ගෞරව රාජරත්න/චමෝද් විජේරත්න/නෙරාන් උඩවත්ත/කාවින්දි හේරත්/ටානියා කුමාරි/සෙව්වන්දි ජයානන්දන/ප්‍රභාත් අරවින්ද/හිරුෂ කුමාරවීර/චමිල් නිලන්ක/අකිල වීරතුංග යන අය විශේෂයි
ඔබේ හැකියාවන්ට ලැබූ ප්‍රතිචාර මොනවාද?
ඇත්තම කිව්වොත් මට මුලින් ලොකු ප්‍රතිචාරයක් තිබුණේ නෑ.ටිකෙන් ටික ඉදිරියට එනකොට මට ලොකු ප්‍රතිචාරයක් ලැබුණා.මගේ පාසල් වල වගේම නගරයේ සෙසු පාසල් වලත් මං ගියපු සහ යන ටියුෂන් කලාස් වලත් ගමෙත් නරයේත් බොහෝ ඇගයුමට ලක් වුණා.ඇත්තටම මගේ හඬ විතරක් අහපු තවමත් නොදැකපු අය ඕනෑතරම් ඉන්නවා.සමහර වෙලාවට අහම්බෙන් හරි ඒ වගේ අයෙක් හමුවුණාම ඒ ගැන මට කියලා තියනවා.ඉතිං ඒ ප්‍රතිචාර තමා මාව දිරිමත් කරනවා.
ඔබ මාධ්‍ය අංශයට වීමට යොමු උනේ කොහොමද?
ඒකට මං සෘජු පිළිතුරක් දෙන්නම්.ඒ මගේ දෙවන පාසල මහනුවර ශ්‍රී සුමංගල විදුහල නිසා.එම විදුහලේ එවකට මාධ්‍ය ඒකකය භාරව සිටි ඩබ්.එච්. දයාරත්න ගුරු පියාණන් තමා මාව මුලින්ම මාධ්‍යට යොමු කරන්නේ. ඉන් පස්සේ දෙමව්පියන්ගෙන් මග පෙන්වීමෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයට යොමු වෙනවා.ඒ තමා මගෙ මහ ගෙදර. ඉන් පස්සේ අයදුම් පත් දහස් ගණනක් අතුරෙන් සම්මුඛ පරීක්ෂණ ගණනාවකින් පසුව මා ජාතික රූපවාහිනියට ඇතුළු වුණා ළමා නිවේදකයෙක් විදිහට
Who is your favourite media personnel? (ඔබේ ප්‍රියතම මාධ්‍යවේදියා කවුද?)
මගේ ප්‍රියතම මාධ්‍යවේදියා තමා ජේෂ්ඨ නිවේදක ප්‍රවීණ මාධ්‍යවේදී දිවංගත හේම නලින් කරුණාරත්න ඇදුරුතුමන්.සැබැවින්ම ඔහු විශිෂ්ටයෙක්.
ඔබ ලද / දැනට කරනු ලබන අමතර විගේෂ අධ්‍යාපන සුදුසුකම් මොනවාද?
පාසල් කාලය තුළ මම අමතර පාඨමාලා වලට කාලය යොදවලා නෑ.සම්පූර්ණයෙන්ම උසස් පෙළ විභාගය සඳහා කාලයා යොදවලා තියෙන නිසා.
ඔයාගේ සාමාන්‍ය දවස ගෙවෙන්නේ කොහොමද?
මේ දින වල උසස් පෙළට සූදානම් වෙන එක මූලිකම දෙය.වැඩසටහන් වලට සහභාගි වීමත් මේ දවස් වල සීමාකරලා තමා තියෙන්නේ.
මාධ්‍යවේදියකු වීම පිලිබඳ ඔබ වඩාත් කැමතිම දේ මොකක්ද?
මං කථා කරන දේ නිසා කී දෙනෙක් යමක් ඉගෙන ගන්නවා ඇතිද.කී දෙනෙක් යහමගට යොමු වනවා ඇතිද.ඒ තමා මගෙ සතුට.
ඔබ මේ තාක් සහභාගී වී අති වැඩසටහන් මොනවාද
සිකුරාදා කඳුරට ළමා ගුවන් විදුලිය ළමා රංග පීඨය – කඳුරට සේවය සිකුරාදා ළමා නාට්‍ය හෝරාව ළමා පුවත් – ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආයතන කිහිපයක ළමා වාර්තාකරුවෙකු ලෙසත් කටයුතු කළා
ඉදිරියේදී ඔබව දැකිය හැකි වැඩසටහන් මොනවාද?
ඒ ගැන දැන්ම කියන්න මං කැමති නෑ.ඒත් යමක් කිව්වොත් ප්රවෘත්ති සහ හඬ කැවීම් තුළින් ඔබට මාව දකින්න පුළුවන් වෙයි.දැනට එපමණයි.
අනාගත බලාපොරොත්තුව මොකක්ද?
මුලින්ම හොඳ මනුස්සයෙක් වීම.වෘත්තීයමය වශයෙන් නීතිඥවරයෙක් සහ නිර්මාණාත්මක මාධ්‍යවේදියෙකු වීම
ඔයා පැමිණි ගමනට උදව් කල අය කවුද?
මගේ මව/පියා/සොහොයුරිය/ගුරුවරු නැදෑ හිතවතුන් ඇතුළු බොහෝ දෙනෙක්
ඔබ මතක් කල යුතු වෙනත් විශේෂ අය කවුද?
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ හිටපු ජේෂ්ඨ සංවිධායිකා ප්‍රවීණ මාධ්‍ය වේදිනී නන්දා රඹුක්වැල්ල ඇදුරුතුමිය / නිෂ්පාදිකා මානෙල් හීන්කෙන්ද ඇදුරුතුමිය / නිෂ්පාදක ගයන්ත බණ්ඩාර හේරත් ඇදුරුතුමන් /කඳුරට සේවයේ පාලක සමන් ජයරත්න ඇදුරුතුමන් / කඳුරට සේවයේ අනුශාසක සමන් ජයරත්න ඇදුරුතුමන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ළමා වැඩසටහන් ප්‍රධානී අලගියවන්න ඇදුරුතුමන්/නිෂ්පාදක ලක්ෂ්මන් ඇදුරුතුමන්/නිෂ්පාදිකා මාලතී ඇදුරුතුමිය/සහය නිෂ්පාදක රවී පෙරේරා අයියා සහ රූපවාහිනි සංස්ථවේ ප්රවෘත්ති අංශයත් විශේෂයෙන් මතක් කළ යුතුයි. ඒ වගේම මට හැමදාමත් උවටැන් දෙන උමංග රත්නායක අයියා / සසික කුමසාරු අයියා / දිල්හානි නවෝද්‍යා නංගි /කල්පනී ගුණරත්න අක්කා / සුමුදු ද සිල්වා නැන්දාත් මතක් කළ යුතුයි.
වෙනත් විස්තර.
ඇත්තටම මේ අවස්ථාව ලබා දුන් klasshub.lk කාර්යය මණ්ඩලයට මම ස්තූති වන්ත වනවා.ඒ වගේම klasshub.lk කරනු ලබන මේ වෑයම සාර්ථක වේවායි මා සුබ පතනවා.