School reopening for Grades 6 and above from the 23rd of November as previously scheduled, said Minister of Education Prof. G. L. Peiris.
However, this will not apply to the schools in the Western Province and areas currently under lockdown.
The Education Minister mentioned this holding a press conference today (November 19).
In addition, students in the Western Province are not allowed to attend schools outside province boundaries while students outside the Western Province may not attend schools in the Western Province.
Considering the disparities in schools [which are allowed to reopen from November 23], the decisions with regard to each school will be made by a committee led by the principal of each school, the Minister added.
Each committee will be comprised of the principal of the school, the Regional Public Health Inspector (PHI), Grama Seva Officer, a representative of the school’s development board, and a representative from the past pupil’s association of the school.
The decision taken by each committee will be supervised by the Zonal Education Director.
Previously, the third term for schools was set to commence November 09 before it was postponed by 2 weeks due to the COVID-19 outbreak in the country.
Meanwhile, the G. C. E. Ordinary Level Examination for the year 2020 will be held from January 18, 2021, to January 27, 2020.
However, considering the ability to hold classes for Grade 10 and 11 in isolated areas, a final decision with regards to the aforementioned dates [for the O/L exam] will be taken within 2 weeks.
If classes cannot be held for the O/L students in the isolated areas, the decision might be taken to reconsider the dates for the exam, the Minister said.
බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල නොවැම්බර් 23 වෙනිදා සිට 6 සිට 13 ශ්‍රේණි දක්වා පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
තුන්වෙනි පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව තිබූ දිනය covid තත්වය හේතුවෙන් නොවැම්බර් මස 9 වැනිදා සිට සති දෙකකින් දීර්ඝ කිරීමට පියවර ගත්තා
එහෙත් සෙසු පළාත්වල ද දැනට හුදකලා කර ඇති පොලිස් වසම් තුළ පිහිටි පාසල් මේ යටතේ විවෘත වන්නේ නැහැ
එමෙන්ම 1 සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරගැනීම සම්බන්ධයෙන් පවත්නා ප්‍රායෝගික තත්වය හේතුවෙන් ඔවුන් වෙනුවෙන් පාසල් ආරම්භ නොකරන බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ අනුව, දුරස්ථභාවය ආරක්ෂා කරමින්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්, 6 සිට 13 ශ්‍රේණි දක්වා පාසල් පැවැත්වීමේ පසුබිම විදුහල්පතිවරුන් විසින් සකසා ගත යුතු බවද, ඒ සඳහා විදුහල්පතිවරයා විසින් ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය නිලධාරී, ග්‍රාමසේවක, පාසල් සංවර්ධන සමිති නියෝජිතයෙක්,සහ ආදිශිෂ්‍ය නියෝජිතයෙකු ගෙන් සමන්විත කමිටුවක් පත්කර ගත යුතු බව ද කමිටු නිර්දේශ අදාල අධ්‍යාපන කලාපය භාර කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා වෙත යොමු කළ යුතු බවද ඒ අනුව පාසල් පැවැත්වීමට පියවර ගත යුතු බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අවධාරණය කරනවා.
එක් එක් ප්‍රදේශවල පාසල් පවත්වාගෙන යාමේදී පවත්නා අභියෝග, ගැටලු එකිනෙකට වෙනස්වන නිසා ඉසුරුපායේ සිට පොදු ක්‍රමවේදයක් තුළ මෙම තීරණ ක්‍රියාවට නැංවීම ප්‍රායෝගික නොවන හෙයින්, විදුහල්පති කමිටුව හරහා අදාල තීරණ ක්‍රියාත්මක කිරීමට බලය පවරා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරන බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.
Covid හේතුවෙන් කල් දමන ලද අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 18 වැනි දින සිට ආරම්භ කිරීමට දින නියම කර ඇතත්, බස්නාහිර පළාතේ සහ හුදකලා කළ පොලිස් වසම් තුළ පවතින පාසල්වල දරුවන්ට පාසල් ආරම්භ කිරීම ප්‍රමාද වීම හේතුවෙන් විභාග දින සංශෝධනය කිරීමට සිදුවේද යන්න ඉදිරි දෙසතිය තුළ තීරණයක් ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැහැදිලි කර තිබෙනවා,
කෙසේ වෙතත්, සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කොට අදාළ ප්‍රදේශවල 11 ශ්‍රේණි දරුවන් වෙනුවෙන් හෝ පාසල් ආරම්භ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් තීරණයක් ඉදිරි දෙසතිය තුළ ලබාදෙනු ඇති..
පාසල් ආරම්භ කිරීමත් සමඟ,සිසුන් ප්‍රවාහනය සම්බන්ධයෙන් ගන්නා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳව ද ඉදිරි දින කිහිපය තුළ ප්‍රවාහන අංශ සමග සාකච්ඡා කොට තීරණයක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා
News courtesy: Ada Derana & Live@8