වසර අටකට පසු ජා ඇල ශාන්ත මරියා විදුහල ශිෂ්‍යත්වයෙන් ඉහළ ප්‍රතිඵල ලබයි
බප/ මීග ජා-ඇල ශාන්ත මරියා විදුහලේ දරුවන් දෙදෙනෙකු වසර 08 කට පසු ශිෂ්‍යත්ව විභාගය ජය ගෙන විදුහලට කීර්තියක් එක් කර තිබේ.
ජා-ඇල අධ්‍යාපන කොට්ඨාශයෙ දුෂ්කරතා සහිත පාසලක් වන ශාන්ත මරියා විදුහලේ නෙත්මි ධනංජනා ලකුණු 170ක්ද, අශේන්ද රත්නායක ලකුණු 164 ක්ද ලබමින් වසර 08කට පසු විදුහලෙන් ශිෂ්‍යත්ව ය සමත් ව ඇත. ශිෂ්‍යත්ව ය සමත් දරුවන් දෙදෙනා හා ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහල ලකුණු ලබා ගත් සිසු සිසුවියන් විදුහල්පතිනි නිලන්ති ඩයස් මහත්මිය, චාන්දනී ද සේරම් මහත්මිය, තිලිනි සේනාධීර මහත්මිය සමග ජායාරූපයට පෙනී සිටි අයුරු.