05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ප්‍රතිඵලවලට අනුව උපරිම ලකුණු මට්ටම වන ලකුණු 200 ක් ලබා ගත් සිසුන් දස දෙනෙකු මෙවර වාර්තා වීම විශේෂත්වයක්.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ කිහිප වරක් විභාගය කල්දැමීමෙන් අනතුරුව පසුගිය ඔක්තෝම්බර් 11 වනදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණා. ඒ සඳහා සිසුන් 326,264 දෙනෙකු පෙනී සිටියා. ඊට අදාළ ප්‍රතිඵල මේ වන විට විභාග දොපර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වෙත යොමු කර තිබෙනවා. නිවැරදි විභාග අංක ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි අතර මුද්‍රිත පිටපත් ලබාගැනීමේ පහසුකම් ද සළසා තිබෙනවා. විභාග ප්‍රතිඵලවලට අනුව උපරිම ලකුණු සංඛ්‍යාව වන 200 ක් ලබාගත් සිසුන් දස දෙනෙකු මෙවර වාර්තා වනවා. ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සියති විතුම්සා , ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිදු විරංජිත් , මරදාන සහීරා විද්‍යාලයේ ෆර්සාන් මොහොමර් අමර් ,මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ එහාරා යෙත්මිනි ඈපා යන සිසුන් උපරිම ලකුණු මට්ටම ලබාගෙන සිටිනවා.ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙව්ලි යසස්මි, රත්නපුර ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුදි දම්සරා , දිඹුලාගල සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ තෙනුජ මනුමිත,තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තසිදු කවිශාන් ඇතුළු තවත් සිසුන් දෙදෙනෙකු ලකුණු 200 ලබාගත් සිසුන් අතර වනවා.
ප්‍රතිඵල සකස් කිරීමේදී දිවයිනේ හෝ දිස්ත්‍රික් වශයෙන් සිසුන්ගේ මට්ටම ප්‍රකාශයට පත් නොකිරීමද විශේෂත්වයක්.මෙවර සිසුන් විසිදහසකට ශිෂ්‍යාධාර ලබාදීමට අපේක්ෂිතයි. ඒ අතරින් ශිෂ්‍යත්ව 250 ක් විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සඳහා වෙන් කර තිබෙනවා.
කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය නම් අභියාචනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
News courtesy: ITN News