News from Facebook
ජා-ඇල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් සිසුන් ගේ මානසික, අධ්‍යපනික, කායික ගැටළු හදුනාගෙන ඔවුන් මුහුණ දෙන එම තත්ත්වයන්ට විසදුම් ලබා දීම හා සිසුන් ට සහය වීම පිණිස දෙමාපියන් පුහුණු කීරීමේ වැඩ සටහනක් ඒකල ජී.බී.සේනානායක විද්‍යාලයේ දී පැවැත්විණි.
වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතාගේ අදහසක් අනුව ප්‍රදේශයේ අධ්යපණඤයින්ගේ හා විදුහල්පති වරුන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 20 දා උක්ත වැඩසටහන පැවැත්විණි.මෙම අවස්ථාවේදී වීශේෂයෙන් අවධානය ට ලක් වූයේ පාසල් සිසුන් වේගයෙන් නැබුරු වෙමින් තිබෙන මත් පෙති හා මත්ද්‍රව්‍ය වලින් ඔවුන් ට බෙරී සිටීම සදහා සහය විය හැක්කේ කෙසේද යන්න සොයා බැලිය යුතු බවයි.දරුවන් යහපත් පුරවැසියන් වශයෙන් සමාජ ගත කිරීමට දෙමාපියන්ට අවශ්‍ය දැනුම, අවබෝධ ය, දෙමාපියන් සතුටින් ජිවත් වීම සදහා ඔවුන්ගේ මානසික ශක්තියේ ඇති වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවද මෙහිදී සාකච්ඡා කරනු ලැබූ අතර ඒකල ජී.බී.සේනානායක විද්‍යාලයේ විදුහල්පති අනිල් වික්‍රමසිංහ මහතා පැතිකඩ ගණනාවක් ඔස්සේ දරුවන් ට සහයෝගය ලබාදීමට සිදු වන බවද පැවසීය.
විශේෂයෙන් මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු සෙවීම ට යාමේදි දෙමාපියන් වශයෙන් දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු වන බවත් ඇතැම් විට පොලීසිය ට තොරතුරු ලබා දුන් පසු එම තොරතුරු මත් ජාවාරම්කරුවන් දැන ගැනීමේ අවදානමක් තිබෙන බැවින් එම තොරතුරු වල රහසිගත භාවය පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවද දෙමාපියන් අවධාරණය කර සිටියහ.
පාසල් දරුවන්ට උදව් කිරීම සදහා ප්‍රථමයෙන් පාසල් 15ක නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ට නියමිතව ය.
මෙම අවස්ථාවට ජා-ඇල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා ශ්‍යාමලී පීරිස් මහත්මිය ප්‍රදේශයේ විදුහල්පති වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.