බොදු අධ්‍යාපනයේ ශ්‍රේෂ්ඨ ත්‍රිත්වයේ අවසන් පුරුක සමුගනී.
ලක්දිව බොදු අධ්‍යාපනයේ හිනිපෙත්තේ ළෙලදෙන පහන් සිළුවක් වන් කොළඹ නාලන්දා විද්‍යාලයේ පසුගිය අඩ සියවස පුරා ඇතිවූ ප්රබෝධයට හා සුවහසක් නෙත් පෑදූ මහ මෙහෙවරට දායක වූ මුදුන් මුල් තුන වූ ලක්දිව අධ්‍යාපන ක්ෂේත්රයේ මහ බල කනු තුනකි මේ.
ධර්මා ගුණසිංහ මැතිඳුන්, ගුණපාල වික්‍රමරත්න මැතිඳුන් හා සුගුණදාස අතුකෝරාල මැතිඳුන්.
අද වන විට මේ තිදෙනාම අප හැර ගොසිනි. එහෙත් මේ උතුම් ගුරු පියවරුන්ගේ ගති ස්වභාවයන් සහ ඔවුන් දායාද කළ පිරිපුන් මානුෂීය ගුණාංග අපේ සමාජ වර්ණදේහ තුල සැඟවී ඇති බව නිසැකය. නාලන්දාවෙන් දැයට බිහිවන සියළු මිනිසුන්ගේ පෞරුෂයන් තුල ඔවුන්ගෙන් ලත් ආභාසය නිදන්ගතව පවතිනු ඇත.
වසර අනූවක් ආයු වළඳා අද දින දිවියෙන් සමුගත් අප ශ්‍රේෂ්ඨ ගුරු පියාණන්, හිටපු විදුහල්පති ධර්මා ගුණසිංහ මැතිඳුන්ට අජරාමර නිර්වාණයේ දොරටු විවර වේවා!